IRCI පිළිබඳව

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය (ICH), ආරක්ෂා කිරීමේ සම්මුතිය බලාත්මක කිරීමේ උත්සාහයක් වශයෙන් හා අසියානු ශාන්තිකර කලාපයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ජාතික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සඳහා 2009 ඔක්තෝම්බර් මාසයේ පැවැත් වූ “යුනෙස්කෝ” (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ ) මහා මණ්ඩල රැස්වීමේ දී අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය සඳහා වූ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලැබිණ. 2010 වර්ෂයේ අගෝස්තු මාසයේ ජපාන රජය විසින් “යුනෙස්කෝ” සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කළ හෙයින් (ගිවිසුම) සංස්කෘතික උරුමය සඳහා වූ ජාතික ආයතනය විසින් අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය විසින් 2011 ඔක්තෝම්බර් මාසයේ දී ආසියා ශාන්තිකර කලා‍පයේ (IRCI) ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී.

ප්‍රථම පාලක සභා රැස්වීමේ දී IRCI ආයතනයේ දැක්ම හා මෙහෙවර අනුමත වූ අතර දෙවන පාලක සභා රැස්වීමේ දී එය සංශෝධනය කරන ලදී. කරුණාකර දැක්ම/මෙහෙවර පිටුව බලන්න.