IRCI හි කෙටි ඉතිහාසය

2009

2009 ඔක්තෝබර් 6-23

“යුනෙස්කෝ” සංවිධානයේ 35 වන මහා මණ්ඩල සම්මේලනයේ ආසියා ශාන්තිකර කලාපයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය සඳහා ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අනුමැතිය.

2010

2010 අගෝස්තු 30

ජපන් රජය සහ “යුනෙස්කෝ “ සංවිධානය අතර වූ ගිවිසුම

2011

2011 මාර්තු 29

සංස්කෘතික උරුමය පිළිබඳ ජාතික ආයතන හා සකායි නගරය අතර වූ ගිවිසුම

2011 අප්‍රේල් 1

ආසියා ශාන්තිකර කලාපයේ (IRCI) අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය සඳහා ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සූදානම් කිරීම සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම.

2011 ඔක්තෝබර් 1

IRCI ආයතනය ආරම්භ කිරීම. තොමෝකිෆුජි මහතා IRCI ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලදී.

2011 ඔක්තෝබර් 3

IRCI ආයතනයේ ප්‍රථම පාලක සභා රැස්වීම හා විවෘත කිරීමේ උත්සවය ජපානයේ පවත්වන ලදී.

2011 ඔක්තෝබර් 4

ජපානයේ පවත්වන ලද  IRCI ආයතනයේ ආරම්භක සාකච්ඡා සම්මේලනය

2011 දෙසැම්බර් 16

IRCI වෙබ් අඩවිය මුදාහැරීම.

2012

2012 මාර්තු 3

ප්‍රජාවන් පිළිබඳ වූ ප්‍රථම ප්‍රබල පර්යේෂක රැස්වීම සහ ජපානයේ පවත්වන ලද 2003 සමුළුව.

2012 ජූනි 7

ප්‍රංශයේ දී පවත්වන ලද ප්‍රථම අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳ පර්යේෂක සමුළුව.

2012 අගෝස්තු 3

මහා චක්‍රී සිරින් ඩෝන් කුමරි මානව විද්‍යා මධ්‍යස්ථානය (SAC) හා IRCI ආයතනය අතර අවබෝධතා ගිවිසුම අවසන් කිරීම.

2012 අගෝස්තු 6-10

SAC සහ IRCI ආයතනවල සම සංවිධායකත්වයෙන් ආරම්භ කර තායිලන්තයේ පවත්වන ලද ආසියා ශාන්තිකර කලාපයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ක්ෂේත්‍ර උපාධිධරයන්ගේ සම්මේලනය

2013

2013 ජනවාරි 10

ICH ආයතනය පිළිබඳ විශේෂඥ රැස්වීම - ජපානයේ පවත්වන ලද “යුනෙස්කෝ” ආයතනයේ අස්පශ්‍ය සංස්කෘතික උරුමයේ ලැයිස්තු දෙක සඳහා වූ අභිලේඛන නිර්නායක ඇගයීම

2013 පෙබරවාරි 22-25

ජපානයේ පවත්වන ලද “ප්‍රජාව ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරකම් අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආම්පන්නයක් ලෙස ලේඛනගත කිරීම” පිළිබඳ 1 වෙනි වැඩමුළුව.

2013 පෙබරවාරි 17

ජපානයේ පවත්වන ලද ආසියා ශාන්තිකර කලාපයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ සාකච්ඡා සමුළුව.

2013 අප්‍රේල් 1

IRCI ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් අකියෝ අරාටා මහතා පත් කිරීම.

2013 අගෝස්තු 3

ජපානයේ පවත්වන ලද අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම පිළිබඳ සමුළුවවේ 10 වෙනි සංවත්සරය සැමරීමේ උත්සවය පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා සමුළුව.

2013 අගෝස්තු 8-16

IRCI සහ SAC සමසංවිධායකත්වයෙන් තායිලන්තයේ පවත්වන ලද “අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය හා කෞතුකාගාර: ක්ෂේත්‍ර පාසල”

2013 ඔක්තෝබර් 21

ජපානයේ පවත්වන ලද 2 වන IRCI පාලක සභා රැස්වීම

2013 ඔක්තෝබර් 22-26

ජපානයේ පවත්වන ලද “ප්‍රජා ආරක්ෂක ක්‍රියාකාරකම් සඳහා ආම්පන්නයක් ලෙස ICH ලේඛනගත කිරීම” පිළිබඳ ප්‍රථම වැඩමුළුව

2014

2014 පෙබරවාරි 4-6

ජපානයේ පවත්වන ලද “ප්‍රජා ආරක්ෂක ක්‍රියාකාරකම් සඳහා ආම්පන්නයක් වශයෙන් ICH ලේඛනගත කිරීම” පිළිබඳ 2 වන වැඩමුළුව

2014 පෙබරවාරි 19-20

තායිලන්තයේ පැවැති “ආසියා ශාන්තිකර කලා‍පයේ ICH ආරක්ෂා කිරීම සඳහා වූ පර්යේෂණ වෙන්කර ලකුණු කිරීම” පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ රැස්වීම

2014 වසරේ ජුලී මස 31

ආපැකඅසඋපජාම නව පත්‍රිකාව නිකුත් කරන ලදි

2014 වසරේ සැත්තැම්බර මස 25

“ආසියානු සහ පැසිපික් කලාපයේ අසඋ සුරකිතාව පිළිබඳ “පරියේෂණ දත්ත මූලයන්”” නිකුත් කරන ලදි.

2014 වසරේ ඔක්ඔතා්බර මස 1

ආපැකඅසඋපජාම තෙවන පාලක මංඩල රැස්වීම සකයි නගරයේදී පවත්වන ලදි.

2014 දෙසැමිබර් මස 19

"අග්නිදිග ආසියාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන්ට අදාල නීතිමය පද්ධතිය අධ්‍යයනය කිරීමේ IRCI ආයතනයේ පලමු වන වැඩමුලුව" ෆුකුඕකාහිදී පවත්වනු ලැබීය.

2015 ජනවාරි 26-27

"ආසියානු පැසිපික් ප්‍රදේශයේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරැකීමේ පර්යේෂණ අනුරූපනය කිරීම්" ව්‍යාපෘතියේ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ රැස්වීම කුආලා ලම්පූර් හිදී පැවැත්විනි.

2015 ජනවාරි 27-28

"අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යලි ප්‍රාණවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රජා මණ්ඩලවල භූමිකාව ගැන වැඩමුලුවක් : ඩොං හෝලි ලී කුට්ටි මුද්‍රණය ගැන විෂය අධ්‍යයනයක්" හැනෝයි‍‍‍‍‍‍හිදී පැවැත්විනි.